පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ක්‍රිකට් පිටියේ වාර්තා රාශියක් අලුත් විය. මේ එයින් බිඳකි.
-
ටෙස්ට් ඉතිහාසයේ එක් පන්දු යවන්නෙකුට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු කුමාර් සංගක්කාර, අජ්මාල්ට එරෙහිව ලකුණු 530*
-
පාකිස්තානයට එරෙහිව වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා රංගන හෙරත් කඩුලු 83*
-
21 වැනි ශතවර්ෂයේදි එක් ඉනිමකදී කඩුලු 9ක් දවාගත් දෙවැනි පන්දුයවන්නා රංගන හේරත්ය. මීට ඉහතදී මුරලිදරන් එම දක්ෂතාව දක්වා තිබුණි.
-
වමත් දගපන්දු යවන්නෙකු විසින් සිය රටේදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා රංගන හේරත් කඩුලු 162
-
ටෙස්ට් ඉතිහාසයේ කඩුලු 250 සීමාව පසුකළ සිව්වැනි වමත් දග පන්දු යවන්නා රංගන හේරත් කඩුලු 251
-
ටෙස්ට් ලකුණු 12000 සීමාව පසුකිරිම සඳහා සංගක්කාරට තවත් ලකුණු 17ක් අවශ්‍යවෙයි. එම කඩඉම පසුකළහොත් වේගයෙන්ම ලකුණු 12000 පසුකළ පිතිකරු ලෙස සංගා වාර්තා අතරට එක්වෙයි.
-
මහේල හා සංගාගේ ටෙස්ට් ලකුණු සබඳතාවය ලකුණු 6545ක් වන අතර එය පිතිකරුවන් දෙදෙනෙක් ටෙස්ට් තරගවදී වාර්තා කර ඇති දෙවැනි ඉහළම ලකුණු සබඳතාවය වෙයි.
ඡායාරූපය ශාන්ත රත්නායක