සංගා ගාල්ලෙන්ම සමුගනියි?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිතම ක්‍රීඩකයන්ගේ නාම ලැයිස්තුවට සිය නමද එක්කර සංචාරක ඉන්දීය කණ්ඩායම හා අගෝස්තු මස ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්පූර්ණයෙන්ම සමුදීමට අසහාය පිතිකරු කුමාර් සංගක්කාර තීරණය කර තිබේ.
ගාල්ලේදී සිය ටෙසට් දිවිය ආරම්භ කළ සංගා ගාල්ලෙන්ම ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ 2014 වසරේ පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ඔහු විස්සයි20 පිටියට සමුදුන්නේය. 2015 වසරේ ලෝක කුසලානයෙන් පසුව ඔහු එක්දින පිටියට සමුදුන්නේය.
මේ වන විට ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරු වන සංගා ලකුණු 12203ක් රැස්කරගෙන ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.
2000 වසරේදී ගාල්ලෙන් සිය ටෙස්ට් දිවිය අරම්භකළ සංගා එම තරගයේදී ලකුණු 23ක් රැස්කිරීමට සමත්විය. මේ වන විට ටෙස්ට් ද්විත්ව ශතක 11ක් රැස්කරගෙන තිබෙන සංගා එයින් දෙවැනි වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණි. බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් රැස්කරගෙන තිබේ.
පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරග 3ත්, ඉන්දියාව හා පැවැත්වෙන ටෙස්ට් තරගයත් ගත් කළ ඔහුට බ්‍රැඩ්මන්ගේ වාර්තාව සමකිරීමට හෝ එය පසුකර යාමට අවස්ථාව තිබේ. සංගා ටෙස්ට් ශතක 38ක් රැස්කරගන තිබේ.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                