සංගා එංගලන්තයේදී සාර්ථක වෙයි
- 15 05 2014
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියේදී තමා සහභාගීවූ දෙවැනි තරගයේදීම එංගලන්තයේ අවධානය දිනාගැනීමට ශ්රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්විය.
ඒ සංගා නියෝජනය කරන ඩර්හැම් කණ්ඩායම හා සසෙක්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී ඩර්හැම් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට සමත්වෙමිනි.
සංගා සහභාගී වූ පළමු තරගයේදී ලකුණු අතරට පැමිණීමට අපහොසත් වුවත් දෙවැනි තරගයේදී මෙසේ ලකුණු අතරට පැමිණීම ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයටද වඩාත් වැදගත් බව ක්රිකට් විචාරකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරගය 11දා සිට 14දා පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ඩර්හැම් කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තෝරා ගත්තේය.
සසෙක්ස් පළමු ඉනිම 505/9 (පන්දුවාර 113.4)
ලුක් රයිට් 189 (පන්දු 242, 4X27)
බෙන් බ්රවුන් 163 (පන්දු 216, 4X21)
ක්රිස් රශ්වෝර්ත් 4/124 (පන්දුවාර 32.4)
මාක් වුඩ් 3/117 (පන්දුවාර 28)
ඩර්හැම් පළමු ඉනිම 451 /7 (පන්දුවාර 125)
කුමාර් සංගක්කාර 159 (පන්දු 267, 4X18, 6X2)
පෝල් කොලිංග්වුඩ් 74 (පන්දු 78, 4X10, 6X1)
ස්ටීව් මැගෝෆින් 2/84 (පන්දුවාර 31)
ජේම්ස් එනියොන් 2/11 (පන්දුවාර 25)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

