බටහිරි ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි20 ලීග ක්රිකට් තරගාවලිය වෙන කැරබියන් ප්රිමියර් ලීග තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර ක්රීඩා කරන ක්රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතු ජැමෙයිකා තලවාස් කණ්ඩායම සමත්විය.
සාන්ත කිට්ස් හි වෝනර් පාක් ක්රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජැමෙයිකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ ගයානා ඇමසන් කණ්ඩායමයි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇමසන් කණ්ඩායමට පන්දුවාර 16.1කදී සියලු දෙනා දැවී රැස්කගරගත ැකි වූයේ ලකුණු 93ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ජැමෙයිකා කණ්ඩායම පන්දුවාර12.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.