ක්‍රීඩා අමාත්‍යංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ අවසන් දිනය (02දා) අදයි.
දිනය ආරම්භ කරමින් පැවති මීටර 10000 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සබරගමුව පළාත නියෝජනය කළ ඒ.එන්.එල්. ආරියදාස සමත්විය. ඇය විනාඩි 37.28.80ක දක්ෂතාවක් දැක්වූවාය. මෙහි රිදී පදක්කම ඌව පළාතේ එස්.ඒ. ළමාහේවගේ (වි. 37.32.90) විසින් දිනාත් අතර, බස්නාහිර පළාතේ කේ.කේ.ඒ.එම්. කුමාරසිංහ (වි. 38.13.50) මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූවාය.
දිනයේ දෙවැනි ඉසව්ව ලෙස පැවති මීටර 5000 පිරිමි ඉසව්වේ රන් පදක්කම නොකඩවා 06 වැනි වරටත් දිනාගැනීමට මධ්‍යම පළාතේ ලයනල් සමරජීව සමත්විය. තරගය අවසන් කිරීම සඳහා ඔහු විනාඩි14.40.30ක දක්ෂතාවක් දැක්වීය. බස්නාහිර පළාත නියෝජනය කළ ආර්.එම්.එස්. පුෂ්පකුමාර (වි. 14.42.90) විසින් මෙහි රිදී පදක්කම දිනාගත් අතර, ලෝකඩ පදක්කම සබරගමුව පළාතේ ජී.එම්.එස්.ආර්. විජේවික්‍රම (වි. 14.57.50) දිනාගත්තේය.
මෙවර ක්‍රීඩා උලෙළේ වාර්තා වූ එකම තරග වාර්තාව අලුත් කිරීමට අද පැවති මිටිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ ශානිකා අමරසිංහ සමත් වූවාය. ඇය මීටර 45.85ක දක්ෂතාවක් දැක්වූවාය. මෙම ඉසව්වේ රිදී පදක්කම ඌව පළාතේ පී.කේ.ඒ.ඒ. මධුවන්ති (මී. 44.82) විසින්ද, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එච්.ඒ. අරුණි ලක්ෂිකා (මී. 40.73) විසින්ද දිනාගත්තාය.