සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ අද (31දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 08 ක් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 276 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගගයේ 46.2 වැනි පන්දුවේදී ලකුණු 277 ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්හ.
මේ වනවිට පහකින් යුත් එක්දින තරගාවලියේ තරග 2 -1 ක් ලෙස නවසීලන්තය ඉදිරියෙන් පසුවෙයි.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලනත් කණ්ඩායම අතර නෙල්සන්හි පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 78 රැස්කරගෙන සිටියි.
ඩිල්ෂාන් හා සාර්ථක ආරම්භයක් ලබාදුන් දනුෂ්ක ගුණතිලක එක්දින දිවියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වූයේ පන්දු 28කිනි.