ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවස්ථාවක්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර හෙට ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමේ අවස්ථාවක් පවතී.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 95 ක් හිමිකරගනිම්න් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවන අතර, මෙම ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට හැකියාව තිබේ.
තරගාවලිය 2-0 ක් ලෙස ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පියවර දෙකක් ඉදිරියට පැමිණ සිවුවැනි ස්ථානයට පත්වීමට අවස්ථාව තිබේ. මෙම තරගාවලිය පාකිස්තානය පරාජය වුවහොත් ඔවුන් දැනට සිටින තෙවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පහතට යනු ඇත.
එසේම තරගාවලිය 1-1 ක් ලෙස නිමවුහොත් ශ්‍රේණිගත කිරීමේ වෙනසක් ඇති නොවනු ඇත.
ග්‍රැෆික් සැකසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

