මැලේසියාවේ අලෝසෙටාර්හිදී අද (27දා) අවසන්වූ 90 වැනි මලයාසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් තුන් සමගින් රිදී පදක්කම් 2ක් දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
අද පැවැති තරගවලින් ශ්රී ලංකා ක්රීඩකයන් දෙපළක් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ.
මීටර 110 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ සුපුන් විරාජ් රන්දෙනිය එක් රන් පදක්කමක් (තත්. 17.22) ජයග්රහණය කළ අතර, අනෙක් රන් පදක්කම දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ඩබ්.පී. අමිල ජයසිරි (මීටර 7.30) විසින් දිනාගැනීමට සමත්විය.
ඊට අමතරව මධුශාන් ජයසේකර මීටර 200 ඉසව්ව තත්. 21.22 අවසන් කරමින් අද දිනයේදී රිදී පදක්කමක් ජයග්රහණය කළේය.
පසුගිය 25 වැනිදා ආරම්භවූ මෙම තරගාවලියේ ආරම්භක දිනයේදී මීටර 400 ඉසව්ව නියෝජනය කළ ආර්.ජේ.එම්.කේ.පී.සී. මධුශාන් ජයසේකර (තත්. 47.34) රන් පදක්කමක් ජයග්රහණය කළ අතර, උසපැනීම ඉසව්ව නියෝජනය කළ තිළිණ කරුණාරත්න (මීටර 2.15) රිදී පදක්කමක් ජයග්රහණය කිරීමට සමත් විය.