ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව බංග්ලාදේශය, නේපාලය හා පාකිස්තානය යන කණ්ඩායම්හි සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට පැවැති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තරග හතරකට සහභාගී වූ අතර, ඉන් තරග දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය අනෙක් තරග දෙක පරාජය විය.
පළමු තරග දෙකෙන් බංග්ලාදේශය කඩුලු 09 ක් හා නේපාලය ලකුණු 137 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, පාකිස්තාන හමුවේ ලකුණු 90 කින් හා ඉන්දියාව හමුවේ ලකුණු 32 කින් පරාජය විය.
සියලුම තරග ජයගත් සත්කාරක ඉන්දීය කණ්ඩායම පළමු වරට පැවැති මෙම ආසියානු කුසලාන දෘශ්‍යබාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර, පාකිස්තාන කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය. තරගාවලිය ඉන්දියාවේ කොචිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.