ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක්
- 10 09 2015
- 11:57
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සැමෝවාහි පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ අද (10දා) පැවැති ඉසව් දෙකකින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දෙපළක් සමත්ව ඇත.
මෙහි රිදී පදක්කම කිලෝ ග්‍රෑම් 85 බර පන්තිය නියෝජනය කළ මහනුවර ත්‍රිත්ව විදුහලේ බෙව්ෂාන් විජේවික්‍රම විසින් දිනාගත් අතර, ලෝකඩ පදක්කම එම ඉසව්වේම කිලෝ ග්‍රෑම් 94 බර පත්තිය නියෝජනය කළ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලේ ඉසුරු සේනාධීර විසින් දිනාගනු ලැබීය.
මේ වනවිට මෙම ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
