ශ්රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක්
                                 -  19 05 2014 
                                 -  09:42
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - සංජීව ධර්මසේන 
                                
                            
                        
                        තිලකරත්න ඩිල්ශාන්ගේ හා කිත්රුවන් විතානගේගේ ප්රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඊයේ (18දා) පැවැති විස්සයි20 පුහුණු තරගයෙන් එංගලන්ත සසෙක්ස් ප්රාන්ත කණ්ඩායම පරාජය කර කඩුලු 10ක පහසු ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ලකුණු 127ක ජයග්රාහී ඉලක්කය පන්දුවාර 9.1කදී පසුකර යාමට ශ්රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සමත්වූහ. ඩිල්ශාන් පන්දු 31කදී ලකුණු 73 රැස්කළ අතර, කිත්රුවන් විතානගේ පන්දු 24කදී ලකුණු 52 රැස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත සසෙක්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 126/7 රැස්කිරීමට සමත්විය.
සසෙක්ස් 126/7 (පන්දුවාර 20)
මැට් මැක්හාන් 63 (පන්දු 45, 4x4, 6x2)
අසර් සයිදි 14 නොදැවී (පන්දු 10, 4x2)
බෙන් බ්රවුන් 14 (පන්දු 20)
තිසර පෙරේරා 13/2 (පන්දුවාර 4)
ලසිත් මාලිංග 20/2 (පන්දුවාර 4)
ශ්රී ලංකාව 128/0 (පන්දුවාර 9.1)
තිලකරත්න ඩිල්ශාන් 73 (පන්දු 31, 4x16)
කිත්රුවන් විතානගේ 52 (පන්දු 24, 4x4, 6x5)
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                