ශ්‍රී ලංකාව ලකුණු 93 පසුපසින්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (28දා) දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු139 රැස්කරගෙන සිටියේය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 93ක් පසුපසින් සිටියි.
මේවන විට සිය සිව්වැනි අර්ධ ශතකය රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින කෞෂාල් සිල්වා ලකුණු 66ක් හා කුමාර් සංගක්කාර ලකුණු 11ක් රැස්කරගෙන සිටියි.
අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියේය. ඔවුන් තවත් ලකුණු 48ක් රැස්කරන විට මුළු ලකුණු සංඛ්‍යාව 118දී පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු දවාගැනීමට ශකීබ් අල් හසන් සමත්විය. රුබෙල් හුසේන් අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දිමුත් දැවීයන විට ලකුණු 53ක් රැස්කරගෙන සිටියේය. එය ඔහුගේ සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 232කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
බංග්ලාදේශය පළමු ඉනිම232/10 (පන්දුවාර 63.5)
මුෂ්ෆිකර් රහීම් 61 (පන්දු 122, 4x9)
ශකීබ් අල් හසන් 55 (පන්දු 91, 4x9)
සොහාග් ගාසි 42 (පන්දු 56, 4x6, 6x1)
සම්සුර් රෙහමාන් 33 (පන්දු 34, 4x7)
මොමිනුල් හක් 8 (පන්දු 16, 4x2)
තමිම් ඉක්බාල් 6 (පන්දු 28, 4x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ශමින්ද එරංග 49/4 (පන්දුවාර 17.4)
සුරංග ලක්මාල් 66/3 (පන්දුවාර 18.1)
රංගන හේරත් 50/2 (පන්දුවාර 11)
ඇන්ජලෝ මැතිව්ස් 18/1 (පන්දුවාර 6)
ශ්‍රි ලංකාව පළමු ඉනිම 139/1 (පන්දුවාර 46)
කෞෂාල් සිල්වා (නොදැවී)66(පන්දු 138, 4x7, 6x1)
කුමාර් සංගක්කාර නොදැවී 11 (පන්දු 28, 4x2)
දිමුත් කරුණාරත්න 53 (පන්දු 113, 4x6)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 13/1 (පන්දුවාර 7)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

