ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 103කට දැවී ගියේය.
ඒ අනුව පාකිස්තානයට තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 104ක පහසු ඉලක්කයක් හිමිවිය. ශ්රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලකුණු 29ක් රැස්කළේය.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ උස්මාන් ඛාන් ලකුණු 34ට කඩුලු 5 දවා ගත්තේය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0ක් ලෙස පාකිස්තාන කණ්ඩායම දැනටමත් ජයග්රහණය කර අවසන්ය.
මේ තරගය ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් එය එක්දින පිටියේ ශ්රී ලංකා කණ්ඩායම ලබන අඛණ්ඩ 12වැනි පරජය වෙනු ඇත.