කලින් සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි20 තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව පාකිස්තාන ක්‍රිකට් සභාපති නජාම් සේති සඳහන් කර තිබේ.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණෙන බව පාකිස්තාන ක්‍රිකට් සභාපතිට තහවුරු කර ඇති බවයි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි20 තරග තුනක් පැවැත්වෙන අතර එහි තෙවැනි විස්සයි20 තරගය මෙසේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිතය.
තරගය ඔක්තෝබර් 29 දා පැවැත්වීමට නියමිතය. එසේම තරගය පැවැත්වීම සඳහා ගඩාෆි ක්‍රීඩාංගණය තුළ සියලු කටයුතු සංවිධානය කරන ලෙසද පාකිස්තාන ක්‍රිකට් සභාපති අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
කෙසේ වෙතත් ක්‍රීඩකයන් පාකිස්තානයට යා නොහැකි බවට වන ලිපියක් ක්‍රිකට් ආයතනයට යොමු කර තිබේ.