ශ්රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර අද (16දා) ඩුබායිහිදී ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායකඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයේදී නුවන් ප්රදීප් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇත. අද ටෙස්ට් වරම් හිමිකරගත් දිල්රුවන්, ශ්රී ලංකාවෙන් බිහිවූ 125 වැනි ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා වෙයි.
ශ්රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප්රසන්න ජයවර්ධන, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ශමින්ද එරංග, සුරංග ලක්මාල්
පාකිස්තානු කණ්ඩායම
කුරාම් මන්සූර්, අහමඩ් ශෙසාද්, අසර් අලි, යුනිස් ඛාන්, මිස්බා උල් හක්, අසාද් ශෆීක්, සෆ්රාස් අහමඩ්, සයීඩ් අජ්මාල්, ජුනයිඩ් ඛාන්, අබ්දුල් රෙහෙමාන්, මොහොමඩ් තල්හා
ඡායාරූපය ක්රික් ඉන්ෆෝ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

