අන්තර්ජාතික පන්දුවාර විස්සයි20 නව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සමත්වී තිබේ. ඒ ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (07දා) එංගලන්තයේ පැවැති පන්දුවාර විස්සයි20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 3කින් පරාජයවීමත් සමගිනි.
ඒ අනුව මෙතෙක් අංක එකේ පන්දුවාර විස්සයි20 කණ්ඩායම ලෙස පෙරමුණේ සිටි ඉන්දීය කණ්ඩායම දෙවැනිස්ථානයට පත්වූ අතර දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ස්ථානය දක්වා ඉදිරියට පිවිසියේය.
මීට අමතරව කුසල් පෙරේරා (පිතිකරණයේ අංක තුන), සචිත්ර සේනානායක, ලසිත් මාලිංග (පන්දුයැවීමේ තුන්වැනි හා හත්වැනි ස්ථාන), ඇන්ජලෝ මැතිව්ස් (තුන්ඉරියව් හත්වැනි ස්ථානය) ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි රැඳී සිටිති.