ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් සිබ්බාබ්වේ හි පැවැත්වෙත් ඇකිලියොන් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම අද (16දා) සමත්විය. ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.ඒ අනුව කොදෙව්වන් ප්රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූහ. සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්රේබ්ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.
ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට දුන් කොදෙව් කණ්ඩායම පන්දුවා 49.2කදි සියලු දෙනා දැවී ලකුණු 227ක් රැස්කරමින් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 228ක ඉලක්කයක් ලබාදුනනේය. ජොනතන් කාටර් අර්ධ ශතයක් රැස්කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කරනු ලැබීය.ණුවන් ප්රදීප්, ණුවන් කුලසේකර හා සුරංග ලක්මාල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත්වූහ.
සිම්බාබ්වේ කණ්ඩායම, කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
පළමු තරගයට ක්රීඩා කළ කණ්ඩායමම මෙම තරගයට ක්රීඩා කරයි. කොදෙව් කණ්ඩායමේ නයක ක්රීඩකයන් තිදෙනෙක් අද එක්දින වරම් ලබති.
කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඩ්, ක්රිස් ගේල් යන සුපිරි ක්රීඩකයෝ මම තරගාවලියට එක් නොවෙති. එසේම තරගාවලියට නම් කර තිබුණු මාලන් සැමුවෙල්ස් හා ඩැරන් බ්රාවෝද තරගාවලියට එක්නොවෙති.