UPDATE 8.20 P.M
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ එල්ල වූ ලකුණු 289 ක ඉලක්කය හඹා යන ඔස්ට්‍රේලියානු ක්රීරීඩකයෝ මේ වන විට පන්දුවාර 25 ක් අවසනදී කඩුළු 4 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන මැතිව් වේඩ් ලකුණු 41 ක් ලබා සිටින අතර මොයිසස් හෙන්රික්ස් ලකුණු ලබා ගෙන නොමැත.
පළමු තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔස්ට්‍රේලියානු ආරම්බක පිතිකරු යුගලය වන ඩේවිඩ් වෝනර් හා ආරොන් ෆින්ච් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළද පළමු පන්දුවාරයේදිම වෝනර් දවා ලීමට තිසර පෙරේරා සමත් විය. ඉන් පසු ආරොන් ෆින්ච් ද ලකුනු 4 කට දවා ලීමට ඔහු සමත් විය.
පෙර තරගයේදී ශ්‍රී ලංකාවට තවත් හිසරදයක් වූ නායක ස්ටීවන් ස්මිත් ජෝජ් බේලි ගින් එක්වී සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැංවීමට තැත් කළද නවක ක්‍රීඩක අමිල අපොන්සුගේ දක්ෂ පන්දු යැවිම හමුව් ලකුණු 30 කට ඔහු දැවී ගියේය.
ස්මිත්ගේ දැවී යාමෙන් අනතුරුව කණ්ඩායමේ වගකීම අතට ගත් ජෝජ් බේලි මැතිව් වේඩ් සමගින් එක්වී අර්ධ ශතක සබඳතාවක් පැවැත්වුවද අපොන්සුගේ දක්ෂ පන්දු යැවිම නිසා මුළු ලකුණු සංඛ්‍යාව 102 දී නැවතත් ක්‍රියාත්මක වූ අපොන්සු බේලි, දවා ලිමට සමත් විය.
UPDATE 6.10 P.M.
සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකාව සිය ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 288 ක් රැස් කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 69 , නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 54 කින් දායක වූ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් , ජේම්ස් ෆෝක්නර් හා ඇඩම් සම්පා කඩුළු 3 බැගින් බිඳ හෙලීය.
මේ අනුව තරගයේ ජයග්‍රහණයට ඔස්ට්‍රේලියාවට ලකුණු 289 ක ඉලක්කයක් හිමිවිය.
UPDATE 5.35 P.M.
ශ්‍රී ලංක කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් ජනිත් පෙරේරා අරඅ්ධ ශතකයන් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය මෙහිදී මැතිව්ස් සිය 32 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ අතර. පන්දු 55 කදී වාර්තා වූ ඔහග් අර්ධ ශතකයට හයේ පහර 2 ක් අන්තර්ගත විය. කුසල් පෙරේරා පන්දු 47 කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් සිය 8 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කලේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 5 කට ලකුණු 251 ක් රැස් කරගෙන ඇති අතර කුසල් හා මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සබඳතාවක් පවත්වා සිටියි.
UPDATE 4.30 P.M.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලකුණු 150 සීමාවට මීට සුළු මොහොතකට පෙර ලඟා විය. පන්දුවාර 27 කදී කඩුළු 4 ක් දැවි ඔවුන් එම සිමාවට ලගා විය. තරගයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීමේ මූලිකයා වූ කුසල් මෙනඩිස් ලකුණු 69 ක් ලබා සිටියදී ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 ක් හා ධනංජයද සිල්වා ලකුණු 4 ක් ලබා සිටි යි.
UPDATE 3.55 P.M.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. පන්දු 48 කදී වාර්තා වු ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ඇතුලත් විය . තවමත් එක්දින තරග 9 කට පමණක් ක්‍රීඩා කොට ඇති කුසල් සිය අවසන් එක්දින තරග 5 න් 4 කදීම අර්ධ හතක වාර්තා කොට තිබීම විශේෂත්වයකි.
කුසල් එක්දින තරගාවලියේ පිට පිට වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය මෙය වන අතර අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු .. ක් ලබා සිටියි. කුසල් හා චන්දිමාල් මේ වන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සබඳතාවක් තබාගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 20 කදී කඩුළු 2 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියි.
ඔවුන් දෙදෙනා මෙවර තරගාවලියේදී පිට පිට වාර්තා කළ දෙවැනි අර්ධ ශතක සබඳතාව මෙයයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර අද තරගයේදී ආරම්භක පිතිකරණයහි වෙනසක් සිදු කරමින් කුසල් ජනිත් පෙරේරා වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද මුළුු ලකුණු සංඛ්‍යාව 12 ක වන විටදී ධනුෂ්ක ගුණතිලක දවා ලීමට මිචෙල් ස්ටාක් සමත් විය
තිලකරත්න ඩිල්ෂාන් ටද මෙහිදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ෙ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සහිතව තරගයට අවතීර්ණ වෙයි ඒ ලක්ෂාන් සඳකැන් හා මිලින්ද සිරිවර්ධන වෙනුවට සීක්කුගේ ප්‍රසන්න හා ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැඳවා තිබේ. ඔස්ට්‍රේලියාව ජෝස් හැසල්වුඩ් වෙනුවට නේතන් ලයන් කණ්ඩායමට කැඳවා තිබේ.