සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර බ්‍රිස්ටල්හිදී ඊයේ (26දා) පැවති තෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසදුමකින් තොරව තරගය නිමාවට පත්විය. කෙසේ නමුත් තරග පහකින් සමන්විත තරගාවලිය, තරග 1 -0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 249ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 04ක් ක්‍රීඩාකරමින් සිටියදී, වර්ෂාව ඇඳ හැළුණු අතර, දිගින් දිගමට වර්ෂාවෙන් එල්ල වූ බාධා හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග තීරකවරයා කටයුතු කළේය. තරගය අත්හිටුවන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කරගෙන සිටියේය.
මෙම තරගයේ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 09ක් දැවී ලකුණු 248ක් රැස්කිරීමට සමත්විය.
කුසල් ජනිත් සමගින් සුපුරුදු පරිදි ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 03ක් පමණි. ඉන් අනතුරුව කුසල් ජනිත්ටද සාර්ථක වීමට නොහැකිවූ අතර, මුළු ලකුණු 32ක් වනවිට ඔහුද පිටියෙන් ඉවත්ව ගියේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම පීඩනයෙන් මුදවාගත් කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවක් ගොඩනගා ඉනිම මුළු ලකුණු 88ක් දක්වා රැගෙන ආවේය. තවමත් එක්දින තරග පහකට පමණක් ක්‍රීඩාකර ඇති කුසල්, අත්දැකීම් ඇති ප්‍රවීණයෙකු මෙන් එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක වෙමින් පන්දු 66කදී ලකුණු 53ක් රැස්කිරීමට සමත්විය.
21 වැනි විය ගෙවාදමින් සිටින, මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වන කුසල්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකය මෙය විය.
කුසල්ගෙන් පසු පිටිය පිවිසි, නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්වූ දිනේෂ් චන්දිමාල් 05 වැනි කඩුල්ලට ලකුණු 80ක වටිනා සබඳතාවක් ගොඩනගා ඉනිම මුළු ලකුණු 168 ක් දක්වා රැගෙන ආහ. තම 17 වැනි එක්දින අර්ධ ශතකය (56) රැස්කළ චන්දිමාල්, තරගයේ 35.5 වැනි පන්දුවාරයේදී දැවී ගියේය.
චන්දිමාල්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කිරීමේ අරමුණින් සීක්කුගේ ප්‍රසන්න කැඳවුත්, බලාපොරොත්තු වූ දායකත්වය ඔහුගෙන් ලබාගැනීමට නොහැකි විය. ප්රසන්නාග දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ගේ පීඩනය වැඩිවූ අතර, ඒ හේතුවෙන් 06 වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි උපුල් තරංගට හා මැතිව්ස්ට වැඩි පීඩනයකින් පන්දුවට පහරදීමට සිදුවිය. ඒ අතරවාරයේ ලකුණු 56ක් රැස්කරගෙන සිටි මැතිව්ස් දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පාලනය නැවතත් එංගලන්ත පන්දු යවන්නන් සතුවූ අතර, නියමිත පන්දුවාර 50 අවසන් වනවිට ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 248ක් රැස්කරගෙන සිටියේය. මැතිව්ස් ඊයේ (26දා) රැස්කළේ 30 වැනි එක්දින අර්ධ ශතකයයි.
ශ්‍රී ලංකාවට ප්‍රබලම අභියෝගය එල්ල කළ ක්‍රිස් වෝක්ස් හා ලියාම් ප්ලන්කට් කඩුලු 03 බැගින් දවාගත්හ.
එංගලන්තයට ලකුණු 249ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (26දා) බ්‍රිස්ටල්හිදී පැවති අතර, එම තරගයේ එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 09ක් දැවී ලකුණු 248ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර බ්‍රිස්ටල්හිදී අද (26දා) ආරම්භ වූ තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නාක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ආරාධනා කළේය.
එංගලන්ත කණ්ඩායම - 1 ඇලෙක්ස් හේල්ස්, 2 ජේසන් රෝයි, 3 ජෝ රූට්, 4 ඔයින් මෝගන් (නායකයා), , 5 ජොනී බෙයාස්ටෝව්, 6 ජෝස් බට්ලර් (කඩුලු රකින්නා) , 7 ක්‍රිස් වෝක්ස්, 8 ක්‍රිස් ජෝඩන්, 9 ඩේවිඩ් විලී, 10 ලියම් ප්ලන්කට්, 11 ආදිල් රශිඩ්
ශ්‍රී ලංකා කණ්ඩායම - 1 කුසල් පෙරේරා, 2 ධනෂ්ක ගුණතිලක, 3 කුසන් මෙන්ඩිස්, 4 දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), 5 ඇන්ජලෝ මැතිව්ස් (නායකයා), 6 උපුල් තරංග, 7 සීක්කුගේ ප්‍රසන්න, 7 දසුන් ශාක, 9 ෆර්වීස් මහරූෆ්, 10 නුවන් ප්‍රදීප්, 11 සුරංග ලක්මාල්