දකුණු අප්‍රිකාව හමුවේ අද (18දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීමත් සමග අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්රේණිගතකිරීමේද පියවරක් පසුබැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.
ඒ අනුව සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම නව ශ්‍රේණිගතකිරීම් අනුව පස්වැනි ස්ථනය දක්වා පසුබැස ඇති අතර, එම ස්ථානයට පස්වැනි ස්ථානයේ සිටි නවසීලන්ත කණ්ඩායම පැමිණ ඇත. කෙසේ නමුත් පළමු ස්ථාන තුනෙහි වෙසක් සිදුව නොමැත.
පළමු කණ්ඩායම් දහය
1.ඔස්ට්‍රේලියව (121)
2. ඉන්දියාව (116)
3. දකුණු අප්‍රිකාව (113)
4. නවසීලන්තය (107)
5. ශ්‍රී ලංකාව (107)
6. එංගලන්තය (101)
7. පාකිස්තානය (95)
8. බ.ඉ. කොදෙව් (93)
9. බංග්ලාදේශය (76)
10. සිම්බාව්වේ (44)