ඩිල්ෂාන් දැවී යයි
(Update)
කුසල් ජනිත් දැවී යාමෙන් පසු ආරම්භයේදී අඩපණ වූ ශ්‍රී ලංකා ඉනිම තව දුරටත් අසරණ කරමින් දෙවැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් දැන් දැවී ගියේය. ඩේල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේ ඩු ප්ලෙසිස් අතට උඩපන්දුවක් ලබාදී ඩිල්ෂාන් දැවී යනවිට එකඳු ලකුණකින් හෝ ශ්‍රී ලංකා ඉනිමට දායක වීමට ඔහුට නොහැකි විය.
සංගක්කාර සමගින් ළහිරු තිරිමාන්න මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටියි.
ශ්‍රී ලංකාව 6/2 (පන්දුවාර 4.5)
කුසල් දැවී යයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරදා දැන් දැවී ගියේය. කේල් ඇබොට්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුයින්ටන් ඩි කොක් වෙත උඩ පන්දුවක් ලබාදී ඔහු දැවී යනවිට ලකුණු 03 ක් රැස්කරගෙන සිටියේය.
තිලකරත්න ඩිල්ෂාන් සමගින් කුමාර් සංගක්කාර මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටියි.
ශ්‍රී ලංකාව 3/1 (පන්දුවාර 2.3)
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (18දා) ආරම්භ වූ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුටව පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක්ව සිටින රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් අද තරගයට කැඳවා ඇත. කෞෂාල්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය මෙය වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, තරිඳු කෞෂාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග
දකුණු අප්‍රිකානු කණ්ඩායම
හෂීම් අම්ලා, කුයින්ටන් ඩි කොක්, ඩු ප්ලෙසිස්, රිලී රූසෝව්, ඒ.බී. ඩිවිලියර්ස්, ඩේවිඩ් මිලර්, ජේ.පී. දුමිනි, ඩේල් ස්ටේන්, කේල් ඇබොට්, මෝනේ මෝකල්, ඉම්රාන් තහීර්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

