ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර සාජා පිටියේදි පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පරදීමට තීරණය කළේය.
මෙම තරගයේදි අකිල ධනංජය, ළහිරු ගමගේ හා සුරංග ලක්මාල් වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර හා විශ්ව ප්රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ. පාකිස්තානය හමුවේ වයිට්වොෂ් නොවීමටනම් ශ්රි ලංකා කණ්ඩායම මෙම එක්දින තරගය ජයගත යුතුම වෙයි.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ලෙස පාකිස්තානය දැනටමත් ජයගෙන තිබේ.