සත්කාරක ඉන්දීය කණ්ඩායම හා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රිඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුකක් දැවී ලකුණු 131 රැස්කරගෙන සිටියි.
ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 536/7ට වඩා තවත් කඩුලු හතක් අතැතිව ශ්රී ලංකාව ලකුණු 405 පසුපසින් සිටියි. දිනය නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් 57* හා දිනේෂ් චන්දිමාල් 25* නොදැවී පිටියේ රැඳි සිටියහ. පිතිකරණයේ වෙනසක් කරමින් දිමුත් කරුණාරත්න සමග ඩිල්රුවන් පෙරේරා පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. සාමි යොමුකළ පළමු පන්දුවෙන්ම දිමුත් කරුණාරත්න දැවී ගියේය.
ඩිල්රුවන් පෙරේරා ලකුණු 42ක් රැස්කළේ පන්දු 54කිනි. ධනංජයද සිල්වා එක් ලකුණකට දැවී ගියේය. සාමි, ඉශාන්ත් හා ජඩේජා එක් කඩුල්ල බැගින් දවාගත්හ.
කෝලි මෙම තරගයේදී සිය 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත්විය. නායකයෙකු ලෙස ද්විත්ව ශතක වැඩිම ප්රමාණයක් රැස් කළ ක්රීඩකයා ලෙස කෝලි වාර්තා අතරට එක්වෙයි. හෙට (04දා) තරගයේ තෙවැනි දිනයයි.