ශ්රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 05ට 34යි
- 9 10 2017
- 08:05
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
පකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ තෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කල පකිස්තාන කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්තේය.
ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම ඊයේ දිනය තුල කඩුලු 05ක් බිඳවැටී ලකුණු 34ක් ලබා ගත්තේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 482ක් රැස් කළ අතර පකිස්තානයට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගතහැකි වූයේ ලකුණු 262ක් පමණි. ඒ අනුව මේ වන විට පකිස්තාන කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 254ක් පිටුපසින් සිටී. අද (09දා) තරඟයේ සිව්වැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


