සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු හතට ලකුණු 180ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හෙට දිනයේදි සිම්බාබ්වේ කණ්ඩායමේ බිඳ හෙළීමට අවශ්‍ය කඩුලු සංඛ්‍යාව තුනකි. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීත් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ නායක රංගන හේරත් කඩුලු පහක් බිඳ හෙළීමට සමත්විය. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 17න් 10කම හිමිකරුවා වූයේ රංගනය.