ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 121කින් පරාජය කර 19 පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (22දා) සමත්විය. තරගය සාජාහිදී පැවැත්විණි.
ලකුණු 280 ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.3 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 පමණි.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 279 රැස්කිරීමට සමත්විය.
මේ අතර අද (22දා) පැවැති තවත් අර්ධ අවසන් පූර්ව තරයකින් වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 221/8 රැස්කිරීමට සමත්විය.
එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගයේ 49.1 වැනි පන්දුවාරයේදී කඩුලු 7ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. මෙම තරගය ඩුබායිහිදී පැවැත්විණි.
පාකිස්තානය 279/9 (පන්දුවාර 50)
සාමි අස්ලාම් 95 (පන්දු 121, 4x8, 6x2)
ඉමාම් උල් හක් 82 (පන්දු 107, 4x7, 6x1)
කම්රන් ගුලම් 52 (පන්දු 44, 4x4, 6x2)
ශ්රී ලංකාව පන්දු යැවීම
බිනුර ප්රනාන්දු 56/4 (පන්දුවාර 9)
අනුක් ප්රනාන්දු 45/2 (පන්දුවාර 7)
ඒ.කේ. ටිරොන් 49/1 (පන්දුවාර 10)
ශ්රී ලංකාව 158/10 (පන්දුවාර 42.3)
ප්රියමාල් පෙරේරා 68 (පන්දු 81, 4x7, 6x1)
සදීර සමරවික්රම 51 (පන්දු 67, 4x4)
හේෂාන් රාමනායක 12 (පන්දු 25, 4x1)
පාකිස්තානය පන්දු යැවීම
සියා උල් හක් 36/2 (පන්දුවාර 10)
සෆර් ගෝහර් 39/2 (පන්දුවාර 10)
කම්රන් ගුලාම් 19/2 (පන්දුවාර 6.3)