පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනට අද (11දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 197 ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැදී සිටින් දිනේෂ් චන්දිමාල් ලකුණු 83 ක් හා කිතුරුවන් විතානගේ ලකුණු 10 ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකාව අසීරුවෙන් ඉනිම ගොඩනගයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඩුනේඩින්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (11දා) දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු වේලාවකට පෙර පන්දුවාර 65 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 156 ක් රැස්කරගෙන සිටියේය.නොදැවී කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ක් රැස්කරගෙන සිටියි.
දිමුත් කරුණාරත්න සමගින් යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 19ක් පමණි. ලකුණු 08 ක් රැස්කරගෙන සිටි කුසල්, ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලින් වෙන උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් විය.
ඉන් අනතුරුව පිටිය පිවිසි උදාර ජයසුන්දරටද දැඩී වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකිවූ අතර, මුලු ලකුණු 19 ක් වනවිට ඔහුද නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ වොට්ලින් වෙත උඩන්දුවක් ලබාදුන්හ. ශ්‍රී ලංකාවේ 133 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර වරම් දිනූ උදාරගේ පළමු ඉනිම මෙය විය.
කෙසේ නමුත් උදාරගෙන් පසු පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල්, දිමුත් හා එක්ව ශ්‍රී ලංකා ඉනිම යම් තරමකට ස්ථාවර කළේය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 122 ක සබඳතාවක් ගොඩනගා මුලු ලකුණු 151 ක් දක්වා රැගෙන ආහ. තරගයේ 61 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ලකුණු 84 ක් රැස්කරගෙන සිටි දිමුත් දැවීයාමත් සමඟ එම සබඳතාව බිඳවැටුණි. දිමුත් අද වාර්තා කළේ ඔහුගේ 07 වැනි ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකයයි.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස තරගයේ 64 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 02ක් දැවී ගියේය. ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ වොට්ලින් වෙත උඩපන්දුවක් ලබාදී මැතිව්ස් දැවීගියේය. මෙම තරගයේ වොට්ලින් රැකගත් සිව්වැනි උඩපන්දුව මෙය වේ.
ශ්‍රී ලංකා පළමු ඉනිම
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඊයේ (10දා) තරගය පළමු දිනට නතරකරන විට කඩුලු 08 ක් දැවී ලකුණු 409 ක් රැස්කරගෙන සිටි අතර, අද දිනයේදී ඔවුන් ලකුණු 431කට සියල්ලන් දැවී ගියේය.
නවසීලන්ත පළමු ඉනිම