රංගන හේරත්ගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් චිතගොංහිදී අද (31දා) පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 59 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් නවසීලන්ත ජයග්‍රහණය අපහසු කළ හේරත් පන්දුවාර 3.3 කදී ලකුණු 03කට කඩුලු 05 ක් බිඳහෙළීමට සමත්විය. එය රංගන හේරත්ගේ විස්සයි20 හොඳම පන්දු යැවීම මෙන්ම ලොව පන්දුවාර විස්සයි 20 තෙවැනි හොඳම පන්දු යැවීම විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15.3ක් අවසානයේදී කඩුලු 9කට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 60ක් පමණි. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර 20-20 කණ්ඩායමක් දැවී ගිය තුන්වැනි අවම ලකුණු ප්‍රමාණය වෙයි.
පසුගිය එංගලන්ත තරගයේදී දිනේෂ් චන්මාල් ප්‍රමාද වී තරගය අවසන් කළ බැවින් අද තරගය ඔහුට අහිමි වූ අතර, ඒ වෙනුවට ලසින් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. එමෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන, මාලිංගට සිය උපරිම දායකත්වය ලබාදෙන ආකාරය මෙම තරගයේදී දැකගත හැකිවිය.
හෙට (01දා) පැවැත්වෙන පාකිස්තාන - බටහිර ඉන්දීය කොදෙව් තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන බ්‍රහස්පතින්දා (03දා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිය.
ශ්‍රී ලංකාව 119/10 (පන්දුවාර 19.2)
මහේල ජයවර්ධන 25 (පන්දු 32, 4x2)
ළහිරු තිරිමාන්න 20 (පන්දු 18, 4x3)
සචිත්ර සේනානායක 17 (පන්දු 11, 4x1, 6x1)
නවසීලන්තය පන්දු යැවීම
ට්‍රෙන්ට් බෝල්ට් 20/3 (පන්දුවාර 4)
මිචෙල් මැක්ලෙන්හැන් 24/2 (පන්දුවාර 4)
කඩුලු වැටීම
1/20 (කුසල්, පන්දුවාර 1.5), 2/29 (ඩිල්ශාන්, 3.3), 3/35 (සංගක්කාර, 5.6), 4/65 (තිරිමාන්න,11.1), 5/81 (මැතිව්ස්, 13.5), 6/85 (ජයවර්ධන, 14.6), 7/92 (කුලසේකර, 15.4), 8/116 (තිසර, 18.2), 9/119 (සේනානායක, 19.1), 119/10 (මාලිංග, 19.2)
නවසීලන්තය 60/9 (පන්දුවාර 15.3)
කේන් විලියම්සන් 42 (පන්දු 43, 4x6)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 3/5 (පන්දුවාර 3.3)
සචිත්ර සේනානායක 3/2 (පන්දුවාර 3)
කඩුලු වැටීම
1/18 (ගප්ටිල්, පන්දුවාර 3.1), 2/18 (බී. මැකලම්, 3.6), 3/23 (ටේලර්, 5.5), 4/23 (නීෂම්, 5.6), 5/29 (රොන්චි, 7.3), 6/33 (එන්. මැකලම්, 9.3), 7/51 (මිල්ස්, 13.3), 8/60 (විලියම්සන්, 15.1), /9/60 (බෝල්ට්, 15.3)
----------------------------------------------------------------------------------------------------------------------
රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායම පරාජය පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.