ශ්රී ලංකාව 96 - පාකිස්තානයට 317 ක ඉලක්කයක්
- 9 10 2017
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන දිවාරාත්රී ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 96ක් රැස්කළේය.
ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා පාකිස්තානයට ලකුණු 316ක ඉලක්කයක් හිමිවිය. ඊයේ දිනයේදී ශ්රී ලංකා කඩුලු 5ක් ලකුණු 34ට දැවි ගියේය. අද දිනයේදී තවත් ලකුණු 62ක් තුළ ඉතිරි කඩුලු පහ දැවී ගියේය.
පාකිස්තානය වෙනුවෙන් වහබ් රියාස් 41/4, හැරිස් සොහායිල් 1/3 හා යසීර් ෂා 47/2ක් ලෙස කඩුලු දවාගත්හ.
ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් 29, නිරෝෂන් දික්වැල්ල 21 හා රංගන හේරත් 17ක් ලෙස ලකුණු රැස්කළහ.
ශ්රී ලංකාව පළමු ඉනිම 482/10
පාකිස්තානය පළමු ඉනිම 262/10
ශ්රි ලංකාව දෙවැනි ඉනිම 96/10
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

