ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ටතම පන්දු යවන්නා වන රංගන හේරත් තම අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශණය කළ අති විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (10දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 257ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස හේරත් මෙම තරගයේදී ඉදිරිපත් කළ දක්ෂ පන්දු යැවීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතෙහි වාර්තා කිහිපයක් හේරත්ගේ නමින් සටහන් විය. එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දිනෙන් දින අසරණ වන සිම්බාබ්වේ කණ්ඩායමේ අසාර්ථකත්වය මෙම තරගයේදී යළිත් වරක් ප්‍රදර්ශය විය. දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු අලුත්වූ ක්‍රිකට් වාර්තා කිහිපයක් පහතින් දැක්වෙයි.
01- ශ්‍රී ලංකාව මෙම ජයත් සමග නොකඩවා ලැබූ තරග ජයග්‍රහණ සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගිය අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් නොඩකවා ජය ලැබූ දෙවැනි අවස්ථාව වේ. 2001 (අගෝ.) - 2002 (මාර්තු) කාලවකවානුවේ සනත් ජයසූරියගේ නායකත්වයෙන් තරග 09ක් ජයලැබීම එහි වැඩිම අගයයි.
02- ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වූ 17 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 12 වැනි තරග ජයග්‍රහණය මෙය වේ. සෙසු තරග (05) ජයපරාජයෙන් තොරව අවසන්ව ඇත.
03- ශ්‍රී ලංකා - සිම්බ්බාවේ ටෙස්ට් තරග ආරම්භය 1994 වර්ෂය වන අතර, එතැන් සිට මේ දක්වා තරගාවලි 07ක් පවත්වා ඇති අතර, ආරම්භක තරගාවලිය පමණක් ජයපරාජයෙන් තොරව අවසන් වීම හැරෙන්න අනෙකුත් තරගාවලි සියල්ල (06) ශ්‍රී ලංකාව ජයගෙන ඇත.
04- ශ්‍රී ලංකාව හමුවේ 1999 වසරේදී ටෙස්ට් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් පසු ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග 07ක් පවත්වා ඇති අතර, එම සියලුම තරග සිම්බාබ්වේ පරාජය වී ඇත.
05- හේරත් දෙවැනි ඉනිමේ දවාළූ කඩුලු සංඛ්‍යාව (8/63) සිම්බාබ්වේදී පන්දු යවන්නෙකු ඉනිමක දැක්වූ හොඳම පන්දු යැවීම වේ. දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් (8/71) මීට පෙර මෙම දස්කම දක්වා තිබුණි. එමෙන්ම මෙය (13/152) එරටදී තරගයක ඉහළම පන්දු යැවීමද වන අතර, මීට පෙර එම වාර්තාව (12/152) ඉන්දියාවේ ඉර්ෆාන් පතන් සතු විය.
06- හේරත් දෙවැනි ඉනිමේ දැක්වූ දක්ෂතාව (8/63) 1985 වසරෙන් පසු නායකයෙකු කඩුලු 08ක් දවාගත් පළමු අවස්ථාව වේ. අවසන් වරට කපිල් දේව් (8/106) ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී මෙම දස්කම දක්වා තිබුණි. එමෙන්ම මෙම පන්දු යැවීම නායකයෙකු දැක්වූ ලොව තෙවැනි හොඳම පන්දු යැවීම වන අතර, ක්ට්නි වෝල්ස් (13/55) මෙහි ඉදිරියෙන් සිටියි.
07- හේරත් සමස්ත තරගාවලියේදී කඩුලු 19ක් බිඳළීමට සමත් වූ අතර, එය තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක නායකයෙකු දවාළූ ඉහළම කඩුලු සංඛ්‍යාව වේ. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ කොදෙව් දේශයේ කට්නි වෝල්ෂ් හා ෂෝන් පොලොක් කඩුලු 16 බැගින් බිඳහෙළා තිබුණි.
08- හේරත් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරග 75කදී ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියේය. එය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දඟ පන්දු යවන්නෙකු එම කඩඉම පසුකළ දෙවැනි වේගවත්ම අවස්ථාවයි. මුත්තයියා මුරලිදරන් (තරග 66) මෙහි ඉදිරියෙන් සිටියි.
09- සිම්බාබ්වේ කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ නොකඩවා පරාජය වූ 08 වැනි ටෙස්ට් තරගාවලිය මෙය වේ. ඔවුන් අවසන් වරට 2011 වසරේ බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත. එමෙන්ම ඔවුන් 2013 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් පසු මේ දක්වා නොකඩවා පරාජය වූ 09 වැනි ටෙස්ට් තරගයද මෙය වේ.
අවසන් ටෙස්ට් තරගයේ වීරයා වූ රංගන හේරත් මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක වන බ්ලූ මවුන්ටන් ඇකිලියොන් සමාගමේ අලෙවි අධ්‍යක්ෂක සාරංග විජේරත්න මහතාගෙන් සම්මාන ලබාගනිමින්