ශ්රී ලංකා ටෙස්ට් හා එක්දින ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
වේගපන්දු පුහුණුකරු තනතුරේ අත්දැකීම් බහුල තැනැත්තෙකු වනසොයිසා මහතා, මීට පෙර ඉන්දීය ගෝවා ක්රිකට් සංගමයේ, කොළඹ රාජකීය විදුහලේ හා එන්.සී.සී. ක්රීඩා සමාජයේද මෙම තනතුරෙහි කටයුතු කර ඇත.
වසරක කොන්ත්රාත් කාලයක් සඳහා සොයිසා මහතාගේ සේවාව බලපැවැත්වෙන අතර, එය එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා සිට බලපැවැත්වේ.