සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පරාජය කර පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පැවැති තරගාවලියේ තුන් වැනි එක්දින තරගයෙන් ලකුණු 23 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩාකළ නොහැකිවූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග තරග 1-0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.
ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 48.1 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණි. ඔස්ට්‍රේලියානු ඉනිම අසරණ කළ දමිත සිල්වා 36/4 ලෙස කඩුලු දවාළූ අතර, නායක චාමික කරුණාරත්න හා රවිඳු තිලකරත්න කඩුලු දෙක බැගින් දවාළූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 240/9 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ පසිඳු ඉසිර ලකුණු 50 රැස්කළේය. තරගාවලියේ සිවුවැනි තරගය හෙට (01දා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව 240/9 (පන්දු වාර 50)
පසිඳු ඉසිර 50 (පන්දු 80, 4x6)
වනිඳු හසරංග 43 (පන්දු 41, 4x5)
අවිශ්ක ප්‍රනාන්දු 41 (පන්දු 67, 4x1, 6x1)
දමිත සිල්වා නොදැවී 25 (පන්දු 24, 4x3)
සැම් ග්රිම්වේඩ් 3/40 (පන්දු වාර 10)
ජොන්ට් පැටිසන් 2/44 (පන්දු වාර 10)
ක්ලින්ට් හින්චිලිෆි 2/43 (පන්දු වාර 8)
ඔස්ට්‍රේලියාව 217/10 (පන්දු වාර 48.1)
ක්ලින්ට් හින්චිලිෆි 64 (පන්දු 102, 4x4, 6x1)
ලියාම් බෙන්තෝර්පෙ 47 (පන්දු 79, 4x4, 6x1)
ටොම් හේලි 41 (පන්දු 42, 4x5)
දමිත සිල්වා 4/36 (පන්දු වාර 7.1)
රවිඳු තිලකරත්න 2/30 (පන්දු වාර 8)
චාමික කරුණාරත්න 2/49 (පන්දු වාර 9)