සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනට සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 28.2කදී කඩුලු 02ක් දැවී ලකුණු 74ක් ලබා සිටියි. ඒ අනුව පාකිස්තානය ශ්රී ලංකාවට වඩා තවත් ලකුණු 417ක් පසුපසින් සිටියි.
දිනයේ පළමු කඩුල්ල ලෙස ශාන් මසූඩ් ලහිරු ගමගේගේ පන්දුවක් හමුවේ දැවීයන විට රැස්කර ගෙන සිටියේ ලකුණු 16ක් පමණි. මෙය ලහිරුගේ පළමු ටෙස්ට් කඩුල්ලයි. අනතුරුව යළිත් ක්රියාත්මක වූ දිල්රුවන් පෙරේරා සාමි අස්ලම්ව කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය. අස්ලම් ලකුණු 39කට දැවී ගියේය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකාව පළමු ඉනිමට සියලු ක්රීඩකයන් දැවී ලකුණු 482ක් රස කළේය. විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 196ක් රැස් කළේය.