ශ්‍රී ලංකා තරගාවලියේ දෙසැම්බර් තරග සඳහා කෝලි නෑ?
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ක්‍රිකට් තරගවලියෙන් විවේකයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග තුන හා විස්සයි20 තරග තුන කෝලිට අහිමිවෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෝලි හා අනුෂ්කා ෂර්මා දෙසැම්බර් මාසයේදී විවාහ දිවියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින හෙයින් ඔහු මෙසේ දෙසැම්බර් මාසයේදී තමාව ක්‍රිකට් තරග සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 16 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා තෙක් පැවැත්වෙයි.
මේ අතර ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනටත්, ශ්‍රී ලංකාව හා පැවැත්වෙන පුහුණු තරගයටත් ඉන්දීය කණ්ඩායම තෝරාගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (23දා) රැස්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

