ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම හා දකුණු අප්රිකා කාන්තා ක්රිකට් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී අද (15දා) ආරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 225/7 රැස්කිරීමට සමත්විය.
දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් මරිසානි කෙප් නොදැවී ලකුණු 89 රැස්කළ අතර, ආරම්භක පිතිකාරිනී ලිසෙලි ලී ලකුණු 72ක් රැස්කිරීමට සමත්වූවාය. පන්දු යැවීමෙන් ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එශානි ලොකුසූරිය හා අමා කාංචනා කඩුලු දෙක බැගින් දවාළූහ.
අයි.සී.සී. එක්දින කාන්තා ක්රිකට් ශූරතාවලිය යටතේ දසවැනි තරගය ලෙස මෙම තරගය පැවැත්විණි.