සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (20දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 78 ක දැවැන්ත පරාජයක් වැළඳ ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග ශූරතාවට අතපොවන මානයට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තරග හතරකින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 255ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට පන්දුවාර 50 අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය වෙමින් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයට යම් අභියෝගයක් කළ චමරි පොල්ගම්පොළ නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වූවාය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 08ක් දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත්විය.