www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සත්කාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමගින් පැවැත්වෙන සිවුදින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට අද (06දා) තරගය නිමා කරන විටදී, දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා 'ඒ' පළමු ඉනිමට වඩා ලකුණු 55ක් පමණක් ඉදිරියෙන් සිටියි.
අද උදෑසන තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 348ක් රැස්කර ගෙන සිටි අතර, ඔවුන් ලකුණු 386කට සීමාකිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුගිය අඟහරුවාදා (04දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බ.ඉ. කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 276ක් රැස්කළේය. හෙට (07දා) තරගයේ සිවුවැනි හා අවසන් දිනයයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd