මේ වන විට පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කරගෙන සිටී.
අහමඩ් - 17*(12),අසාද්- 12*(28)
ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම 261/8 රැස්කරගෙන සිටි අතර, අද දිනයේ සියල්ලන් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 320ක් පමණි. අවසන් කඩුල්ල ලෙස එක්වූ චානක වෙළගෙදර පන්දු 30කදී වේගවත් ලකුණු 27 රැස්කිරීමට සමත්වූ අතර, රංගන හේරත් සමගින් ඔහු අවසන් කඩුල්ලට ලකුණු 36 වේගවත් සබඳතාවක් ගොඩනැගුවේය. අවසන් කඩල්ල ලෙස හේරත් දැවීයන විට ලකුණු 17 රැස්කරගෙන සිටියේය.
මේවන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 3ක අවසානයේ කිසිවකුත් නොදැවී ලකුණු 11 රැස්කරගෙන සිටියි. කුරාම් මන්සූර් හා අහමඩ් ශෙසාඩ් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.