ශ්රී ලංකා ඉනිම නිමයි
- 24 06 2016
- 22:25
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
සංචාරක ශ්රී ලංකාව හා එංගලන්තය අතර එංගලන්තයේ එංග්බැස්ටන් හිදී මේ වන විට පැවත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා සිය පන්දුවාර 50 අවසනදී කඩුුළු 7 ක් දැවී ලකුණු 254 ක් රැස් කළ හ.
ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පසුපෙළ ශක්තිමත් කරමින් නොදැවී ලකුණු 53 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 52 ක් රැස් කලේය. මීට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 ක් රැස් කලේ ය.
එංගලන්තය වෙනුවෙන් ලියාම් ප්ලන්කට් හා ආදිල් රෂීඩ් කඩුළු 2 බැගින් බිඳ හෙලීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
