සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඩුනේඩින් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ලකුණු 267කට අත්හිටවූ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 405ක ඉලක්කයන් ලබා දුන්නේය.
ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරනවිට පන්දුවාර 50.1ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 109ක් රැස්කරගෙන සිටියි. ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 296ක් අවශ්‍ය වෙයි.
දිනේෂ් චන්දිමාල් (31*) නොදැවී පිටියේ රැඳී සිටියි. දිමුත් කරුණාරත්න (29), උදාර ජයසුරන්දර (03) හා කුසල් මෙන්ඩිස් (46) දැවී ගිය පිතිකරුවෝ වෙති.