ශමින්දට තාවකාලික තරග තහනමක්
- 19 06 2016
- 18:17
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ චෝදනාවකට ලක්වූ ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරිදි නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය අද (19දා) නිවේදනය කළේය. එහිදී ශමින්ද වැලමිට අංශක 15කට වඩා නම්‍යතාවකින් යුතුව සියලුම පන්දු යොමුකරන බවට නිර්දේශ කර ඇතැයිද, ඒ අනුව ඉදිරියේදී ඔහුට තාවකාලික ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙනු ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.
ශමින්ද පසුගිය 06 වැනිදා කාඩිෆ්හි ලාෆ්බොරෝහිදී අදාළ පරීක්ෂණය සඳහා සහභාගි වූ අතර, එහි පරීක්ෂණ වාර්තාව හෙට (20දා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
