වේල්ස් කුමර විදුහල අවසන් තරගයට
වේල්ස් කුමර 47 ලලිත් ඇතුළත්මුදලි 07
මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත්විය. අද (08දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 47-07 ලෙස ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල පහසුවෙන් පරාජය කිරීමට ඔවුහු සමත් වූහ.
ලොන්ඩන් පෙදෙස් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදී පැවති මෙම තරගයේදී වේල්ස් කුමර ක්රීඩකයන් පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 28 ක් රැස්කරගෙන ඉදිරියෙන් සිටි අතර, ප්රතිවාදී ක්රීඩකයන්ට එම අර්ධයේදී සාර්ථක කරගැනීමට හැකිවූයේ ලකුණු 07 ක් පමණි.
දෙවැනි අර්ධයෙන්දී සිය ආක්රමණශීලී ක්රීඩා රටාව තවදුරටත් ඉදිරියට ගෙන ගිය වේල්ස් කුමර ක්රීඩකයන් තවත් ලකුණු 19 ක් රැස්කිරීමට සමත්වූ අතර, එවර ලලිත් ඇතුළත්මුදලි ක්රීඩකයන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකිවිය.
වේල්ස් කුමර විදුහල වෙනුවෙන් ඩබ්ලිව්.ඒ.ටී. දිල්ෂාන් උත්සාහක දිනුම් 4 ක් සාර්ථක කරගත් අතර, ලලිත් ඇතුළත්මුදලි විදුහල වෙනුවෙන් ලබාගත් එකම උත්සාහක දිනුම ඊ.ඒ.අයි. සම්පත් විසින් සාර්ථක කරගැනීමට සමත් විය.