එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩක වේන් රූනි අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කොට ඇත. සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් රූනි පවසා ඇත්තේ මෙය සමුගැනීමට සුදුසුම කාළය යැයි තමන්ට හැගෙන බවයි.
31 හැවිරිදි රූනි, එදා මෙදාතුර එංගලන්ත පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ප්‍රභලම ක්‍රීඩකයෙකු ලෙසින් හැඳින්වෙන අතර ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරමින් ඔහු අන්තර්ජාතික තරග 116 කදී ගෝල 53 ක් වාර්තා කිරීමට සමත්ව ඇත.
එය එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසින් ද වාර්තා පොත් අතරට ගොස් ඇත.
2003 වර්ෂයේ පටන් එංගලන්ත පාපන්දු කණ්ඩායම නියෝජනය කළ රූනි 2006, 2010 හා 2014 ලෝක කුසලාන ත්‍රිත්වයම නියෝජනය කිරීමට සමත් ව ඇත. කෙසේ වෙතතත් පසුගිය කාළයේදී ඔහුට කණ්ඩායමේ ඉඩක් වෙන් නොවුණු අතර එළඹෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පවා නම් කළ සංචිතයට ඔහු ඇතුලත්ව නොතිබිණි.
ඔහුගේ සමුගැනීමට මේ හේතූන්ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.