සමස්ත ශූරතාව රන් පදක්කම් 25ක් හිමිකර ගත් නාවික හමුදාවට හිමිකර දෙමින් 15 වැනි ජාතික වුෂු තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී අද (19දා) නිමාවට පත්විය. පිරිමි හා කාන්තා අංශවලින් ඉසව් 18ක් යටතේ පැවැති තරගාවලියේදී නාවික හමුදාව සන්දා (ද්වන්ධ සටන්) හා තාඔළු (නර්තන ) ඉසව් ද්විත්වයේම වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගැනීමට සමත්විය. මෙහි සමස්ත අනුශූරතාව රන් පදක්කම් 06ක් හිමිකර ගත් යුද හමුදාවට හිමිවිය.
මේ අතර තරගාවලියේ තාඔළු අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නාවික හමුදාවේ හසිත ලක්ෂාන් හිමිකර ගත් අතර, වුෂු පරීක්ෂණ හා සංවර්ධන සංගමයේ ගිහානි වත්සලා විසින් එම අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගනු ලැබීය.
සන්දා අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාවික හමුදාවේ එම්. බලවර්ධන සම්මාන දිනාගත් අතර, ගුවන් හමුදාවේ ඩබ්.පී. මධුමාලි එම අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ