විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ (ලීග තරග නොමැතිව) වේගවත්ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ අද පැවැත්වෙන දෙවැනි තරගයේදීය.
ඔහු පන්දු 35කදී ශතකය සම්පූර්ණ කළේය. ඒ අනුව පන්දු 45කදී විස්සයි20 පිටියේ වේගවත්ම ශතකය වාර්තා කර තිබූ දකුණු අප්‍රිකාවේ රිචඩ් ලීවිගේ වාර්තාව ඩේවිඩ් මිලර් බිඳ දැමීය.
මිලර් පන්දු 36කදී නොදැවීලකුණු 101ක් රැස්කළ අතර එයට හතරේ පහර හතක් හා හයේ පහර 9ක් ඇතුළත්විය. මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 224/4ක් රැස්කළේය. හෂීම් අම්ලා පන්දු 51කදී ලකුණු 85ක් රැස්කළේය.