ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අවසන් කරමින් පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය, ක්‍රිකට් ආයතනය විසින් අද (07දා) නිවේදනය කළේය. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ.
ශ්‍රී ලංකාව අවසන් වරට සිදුකළ ඉන්දීය තරග සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙහෙයවූ තිසර පෙරේරාද මෙම සංචිතයට ඇතුළත්ව සිටියදී, චන්දිමාල් නායකත්වයට පත්කිරීම සුවිශේෂී වෙයි.
මීට අමතරව කලකට පසුව 35 හැවිදිරි ජීවන් මෙන්ඩිස්ද කණ්ඩායමට ඇතුළත්ව සිටියි. ජීවන් 2013 වසරෙන් පසු මේ දක්වා කිසිදු ජාත්‍යන්තර විස්සයි20 තරගයක් ක්‍රීඩාකර නොමැත.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය තරග 02කින් සමන්විත වන අතර, දෙරට අතර පළමු තරගය මෙම මස 15 වැනිදා හා දෙවැනි තරගය 18 වැනිදා පැවැත්වේ. නම්කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතියද හිමිව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩර්සෙ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු