ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි20 ක්රිකට් තරගාවලියේ නායකත්වයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විස්සයි20 නායක ලසිත් මාලිංග ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහුට මෙම තරගාවලියට එක්වීමට අවස්ථාවක් නැති බව ක්රිකට් ආයතනය දන්වා සිටියි.
මාලිංග වෙනුවට විස්සයි20 කණ්ඩායමට සුරංග ලක්මාල් පත්කොට තිබේ. තහනම් උත්තේජක චොදනා හේතුවෙන් නවසීලන්ත සංචාරයට නම් කළ කුසල් ජනිත් නැවතත් ශ්රී ලංකාවට කැඳවීම නිසා ධනුෂ්ක ගුණතිලක තරගාවලියට නම් කර තිබේ.