ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජය කර 2014 විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජෙකොවික් සමත්විය. ඔහු මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ජයග්රහණය කරනු ලැබුවේ දෙවැනි වතාවටයි.
යම් හෙයකින් මෙම තරගය රොජර් ෆෙඩරර් ජයගත්තානම් විම්බල්ඩන් ටෙනිස් කිරුළ වැඩිම වතාවක් ජයග්රහණය කළ ක්රීඩකයා ලෙසින් ඉතිහසයට එක්වීමට ඔහුට අවස්ථාව තිබුණි. ෆෙඩරර් මේ වන විට විම්බල්ඩල් ටෙනිස් කිරුළ 7 වරක් දිනාගනිමින් ඇමෙරිකාවේ පීට් සම්ප්රාස් හා සමමට්ටමේ පසුවෙයි.
2014 අවසන් තරගය නොවැක් ජයගනු ලැබුවේ තරග වට 3-2ක් ලෙසිනි.