ශ්රී ලංකා කණ්ඩායමකට එරෙහිව සිය ටෙස්ට් ක්රිටක් ඉතාහාසයේ පළමු ජයග්රහණය වාර්තා කිරිමට බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම අද (19දා) සමත්වූයේය. ඒ පී සරා පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම පරජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත්වීමත් සමගිනි.
බංග්ලාදේශ කණ්ඩායමට හිමි වු ලකුණු 191 ක ඉලක්කය පන්දුවාර 57.5 අවසානයේදී කඩුලු 6ක් පමණක් වැය කර පසුකර යාමට ඔවුන් සමත්විය. මෙම ජයග්රහණය බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් ක්රීඩා කරන රටකට එරෙහිව ලබාගත් 9 වැනි ජයග්රහණය වෙයි.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග පහක්, එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක් තරගයක් හා කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 2ක් බංග්ලාදේශය ජයගෙන තිබේ. බංග්ලාදේශයේ සියවැනි ටෙස්ට් තරගය මෙය වූ හෙයින් ඔවුන් ලබාගත් ජයග්රහණය වඩාත් සුවිශේෂී වෙයි.
බංග්ලාදේශ කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 18කට ක්රීඩා කර ඇති අතර එයින් තරග 15ක් බංග්ලාදේශය පරාජයට පත්ව තිබේ.
බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස ශ්රී ලංකාවේ තිලාන් සමරවිරද, ප්රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහද, අභ්යාසික පුහුණුකරු ලෙස මාරියෝ වෙල්ලවරයාන්ද කටයුතු කරයි.