වසර හයකට පසු සිය රටේදී ටෙස්ට් ක්රීඩා කරන ක්රිකට් කණ්ඩායමක් සමග පැවැති පළමු අන්තර්ජාතික ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ඒ සිම්බාබ්වේ සමගින් පැවැති විස්සයි20 තරගාවලියේ පෙරේදා (24දා) රාත්රියේ ලාහෝර්හි පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 02 ක තියුණු ජයක් හිමි කර ගනිමිනි.
මෙම ජයග්රහණයත් සමගින් තරග 2 කින් සමන්විත තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත්විය. ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ලකුණු 176 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය පාකිස්තානය පන්දුවාර 19.3 කදී කඩුලු 8 දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත් විය. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3 පමණක් දැවී ලකුණු 175 ක් රැස්කළේය. අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි කර ගැනීමට මුක්තාර් අහමඩ් සමත්විය.
සිම්බාබ්වේ 175/3 (පන්දුවාර 20)
ෂෝන් විලියම්ස් 58 (පන්දු 32), වුසි සිබන්දා 49 (පන්දු 46), හැමිල්ටන් මසකඩ්සා 39 (පන්දු 32), ෂොයිබ් මලික් 1/23 (පන්දුවාර 4), ෂයිඩ් අෆ්රිඩි 1/36 (පන්දුවාර 4)
පාකිස්තානය 176/8 (පන්දුවාර 19.4)
මුක්තාර් අහමඩ් 62 (පන්දු 40) උමාර් අක්මාල් 30 (පන්දු 21), නුමාන් අන්වර් 18 (පන්දු 10), ක්රිස්ටෝපර් මෝෆු 2/25 (පන්දුවාර 4), ෂෝන් විලියම්ස් 2/32 (පන්දුවාර 4)